Saturday, 14 December 2019

සීල් මත්ස්‍යයාට හිංසා නොකරන්නැයි ඉල්ලීමක්

මෙරට දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් වර්ගයේ මත්ස්‍යයාගේ නිදහසට බාධා වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මත්ස්‍යා සිය ශාරීරික වෙනස්‌කම් සපුරා ගැනීම සඳහා ගොඩබිම ආසන්නයේ නිදහසේ රැඳී සිටින බවත්, යම් කලබලකාරී වතාවරණයකදී සපාකෑමට පවා ඉඩකඩ ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්‌ඩාර මහතා පවසනවා.
එම නිසා ගල්පර ආශ්‍රිතව ගැවසෙන මෙම මත්ස්‍යයාගේ නිදහසට බාධා නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය නම් මත්ස්‍යයාට මීටර් 20ක්‌ පමණ ඈතින් සිට නිරීක්‌ෂණය කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මත්ස්‍යයා යළිත් තම නිජභූමිය වෙත නිරුපද්‍රිතව පිටත් වන තුරු එම සත්වයාට හිංසාවක් නොවන ලෙස අවශ්‍යතා සපුරාගැනීම සඳහා සහාය වන ලෙසත් සූරියබණ්‌ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Rea es:
SHARE THIS

Author:

Lankamurasu.Lk - Tamil News Website | Latest Breaking News Online | Daily Tamil News, Sri Lankan News | Indian and World News