Wednesday, 8 January 2020

පිල්ලෙයාන් පෙබරවාරි 6 දක්වා යළි රිමාන්ඩ්

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පෙබරවාරි 6 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු අයි.එම්.ඉසඩීන් මහතා අද (8) නියෝග කළා.
මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලෙයාන් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
නඩුව අද කැඳවූ අවස්ථාවේ දී පිල්ලෙයාන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස නියම කළා.


Rea es:
SHARE THIS

Author:

Lankamurasu.Lk - Tamil News Website | Latest Breaking News Online | Daily Tamil News, Sri Lankan News | Indian and World News